විමල්ගේ අමාත්‍යංශයෙන් ඩඩ්ලිට ඇමති ධූරයක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 5, 2021

විමල්ගේ අමාත්‍යංශයෙන් ඩඩ්ලිට ඇමති ධූරයක් !

විමල් වීරවංශ මහතා අමාත්‍ය ධූරය දරනු ලබන කර්මාන්ත අමාත්‍යංශය විසින් මෙවර 2021 ට නිකුත් කරන ලද දින පොතේ අමාත්‍යවරුන්ගේ ජායාරූප වලට ව්‍යාපාරිකයන්ගේ ජායාරූප යෙදීම නිසා මාධ්‍ය තුළ හාස්‍යට ලක්ව තිබේ.

ඒ අනුව එහි අමාත්‍යංශ හා අමාත්‍යවරු පිළිබඳව දැක්වෙන තීරුවේ මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ විස්තර ඇතුළත් කොටසට ඒ මහතාගේ යැයි සඳහන් කරමින් යොදා ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ව්‍යාපාරික ඩඩ්ලි. සිරිසේන මහතාගේ ඡායාරූපයකි.
මේ අනුව පාර්ලිමෙන්තුවට නොගොස්ම ඩඩ්ලි. සිරිසේන මහතාට රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලැබී ඇතැයි මාධ්‍ය කේෂත්‍රයේ කතා බහට ලක්ව තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad