ඇමති වාසුදේවටත් කොරෝනා ආසාදනය වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 10, 2021

ඇමති වාසුදේවටත් කොරෝනා ආසාදනය වෙයි

මාත්‍ය වාසුදේව නානායක්කාර හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා. පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු ගෙන් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ඔහු තහවුරු කර සිටියේ මිට සුළු මොහොතකට ඒ සම්බන්ධයෙන් තහවුරු වූ බවයි.

මේ වන විට වාසුදේව නානායක්කාර ඇමතිවරයා ද ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් තිදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව‍ට තහවුරු වී තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, මන්ත්‍රී රාවුෆ් හකීම් යන අයට සහ අගමැතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු වන කුමාරසිරි හෙට්ටිගේ හට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad