තවත් පුරාවිද්‍යා භූමියක් ඩෝසර් කරලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 10, 2021

තවත් පුරාවිද්‍යා භූමියක් ඩෝසර් කරලා

ලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහඋරැලෑව ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යා භූමියක ඩෝසර් යොදා පැරණි ස්මාරක විනාශ කර තිබේ. පුරාවිද්‍යා කලාපය භාර නිලධාරීන් විසින් ගල්කිරියාගම පොලිස් ස්ථානය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව එම විනාශය කිරීමට කටයුතු කළ පිරිසක් සොයා ගල්කිරියාගම පොලිසිය විමර්ශණ අරඹා තිබේ.

මහඋරුලෑව ප්‍රදේශයේ අක්කරයක පමණ භූමියක් සැකකරුවන් විසින් මෙලෙස ඩෝසර් කර හෙළි කර ඇත.

වගා කටයුතු සඳහා බව පවසමින් එම භූමිය ඩෝසර් කර ඇති බව දැනට සිදුකළ මූලික පොලිස් විමර්ශණවලින් හෙළිව තිබේ. එම භූමියේ තිබූ ඉපැරණී ගල්කණූ ඇතුළු පැරණී ස්මාරක රැසක් ඩෝසර් කර දමා සැකකරුවන් ඒවාට හානි සිදුකර ඇත. එම ඩෝසර් කළ භූමිය අවටද ඉපැරණි චෛත්‍ය ඇතුලු පුරාවස්තු රැසක් දැකගන්නට ලැබේ.

විනාශ කර ඇති පුරාවිද්‍යා නටබුන් සහිත එම ඩෝසර් කළ භූමියට පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ආඬියාගල මාරසිංහ නම් හල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචි අයෙකුගේ නමින් 1993 දී වාර්ෂික බලපත්‍රයක්ද නිකුත් කර ඇති බව මූලික පොලිස් විමර්ශණ වලදී හෙළිව තිබේ.

ඩොසර් කිරීම සිදුකර ඇති ප්‍රදේශය පුරාවිද්‍යා ස්මාරක සහිත භූමියක් බවටද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර පුරාවිද්‍යා පනත අනුව පැරණි ස්මාරයක සිට මීටර් 400ක ප්‍රේරක කලාපයක් පවතින බව පුරාවිද්‍යා නිලධාරීහු පවසති.

මෙම කලාපය භාර පුරාවිද්‍යා නිලධාරියා විසින් එම පුරාවස්තු හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාම පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර තිබේ. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad