ආසාදිත දයාසිරි නිසා නිමල් සිරිපාල ඇතුළු ශ‍්‍රීලනිප ලොක්කන් රැුසක් අවදානමේ.. කතානායකත් කැළඹෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 8, 2021

ආසාදිත දයාසිරි නිසා නිමල් සිරිපාල ඇතුළු ශ‍්‍රීලනිප ලොක්කන් රැුසක් අවදානමේ.. කතානායකත් කැළඹෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා ආසාදිත වූ මුලාශ‍්‍රය මෙතෙක් හෙළි වී නැත.

මේ වන විට ආසාදිත අමාත්‍යවරයා හික්කඩුවේ හෝටලයක ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර ඇත.

ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම සමීප ආශ්‍රිතයන් දැනටමත් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

ජනවාරි මස පළවෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති උත්සවයකට ද ඔහු සහභාගි වී ඇත.

ඒ හේතුවෙන් ඊට සහභාගී වූ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකු ද යම් අවදානමකට ලක්වී සිටීයි.

මෙම තත්වය මත ගත යුතු පියවරයන් ගැන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්චා කර ඇත.

කෙසේ වෙතත් පසුගිය සතිය පුරාම දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වී නැති බවද වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad