එකම දිනයක එකම අංක සහිත ලොතරැයි දෙකක්.. ලොතරැයි මණ්ඩලය වංචාවකද? මහජන විශ්වාසය දැඩි ලෙස බිද වැටීමේ තත්වයක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 5, 2021

එකම දිනයක එකම අංක සහිත ලොතරැයි දෙකක්.. ලොතරැයි මණ්ඩලය වංචාවකද? මහජන විශ්වාසය දැඩි ලෙස බිද වැටීමේ තත්වයක් !

හජන අයිතීන් සුරැකීමේ පදනම විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලද පැමිණිල්ලක් මෙහි දක්වෙයි.

අධ්‍යක්ෂක
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
කොළඹ.

ගරු අධ්‍යක්ෂකතුමනි,
මහජන සම්පත ලොතරැයි දෙකක එකම දිනුම් අංක සටහන් වීම

2020.12.31 දින දිණුම් අදින ලද ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් මහජන සම්පත ලොතරැයි දෙකක එකම දිනුම් අංක සටහන් වී ඇති බවක් නිරීක්ෂණය වේ. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පලවී ඇත.

ලොතරැයි මුද්‍රණ ක්‍රියාවලියට අංක සටහන් වීම පරිගණක පද්ධති ඇසුරෙන් සිදු වන බව අපගේ දැනුමයි. එවැනි පසුබිමක මෙලෙස එකම අංක දෙපාරක් මුද්‍රණය වීම වංචාවක් ද යන්නට සැකයක් සමාජයේ ඇති කරන කාරණාවක් වන අතර, ඒ හරහා මණ්ඩලයට පාඩුවක් හෝ ලොතරැයි මිලදී ගන්නා පාරිභෝගිකයාට පාඩුවක් සිදු විය හැකිය.

මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙස අපි ඉල්ලා සිටින අතර, එවැනි දේ නැවත සිදු නොවීමට හා ලොතරැයි කෙරෙහි විශ්වාස බිඳවැටීම වැළැක්වීම සඳහා සිද්ධිය සම්බන්ධයෙන් එම විමර්ශන වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

ස්තුතියි,
මෙයට විශ්වාසී,

අසේල සම්පත්,
අධ්‍යක්ෂක මෙහෙයුම් හා ජාතික සංවිධායක
මහජන අයිතීන් සුරැකීමේ පදනම
Mobile: 0788714726

චිරන්ත අමරසිංහ,
මාධ්‍ය අධ්‍යක්ෂක
මහජන අයිතීන් සුරැකීමේ පදනම


No comments:

Post a Comment

Post Bottom Ad