ETI සහ ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂක නාලක එදිරිසිංහ CIDයට භාර වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 5, 2021

ETI සහ ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂක නාලක එදිරිසිංහ CIDයට භාර වෙයි

ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජික නාලක එදිරිසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

ජීවක එඳිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  ඊයේ (05) සවස අත්අඩංගුවට ගැනුණා.

ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ උපදෙස් ලබාදී තිබුණා.

රුපියල් බිලියන 13.7ක තැන්පතු නීතිවිරෝධී ලෙස භාරගැනීම, අයථා පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට අදාළව ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි නීතිපතිවරයා ඊයේ පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබුණා.


No comments:

Post a Comment

Post Bottom Ad