ධම්මිකගේ කොරෝනා පැණිය e-bay එකේ විකුණන්න දාලා - බෝතලය රුපියල් 48,500යි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 14, 2021

ධම්මිකගේ කොරෝනා පැණිය e-bay එකේ විකුණන්න දාලා - බෝතලය රුපියල් 48,500යි

තැම් මාධ්‍යයන් මඟින් කොරෝනා රෝගයට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස ප්‍රචාරය කළ ධම්මික බණ්ඩාර කපු මහතා විසින් සකස් කර ඇති කොරෝනා පැණිය මේ වන විට ප්‍රකට අන්තර්ජාල විකුණුම් සේවාවක් වන e-bay ජාලය තුළ විකිණීමට යොමුකොට තිබේ.

එම දැන්වීමට අනුව බෝතලයක මිල ඇමෙරිකානු ඩොලර් 250කි. එය ලංකාවේ මුදලින් රුපියල් 48,500කි.

එමෙන්ම තැපැල් ගාස්තුව සඳහා ඩොලර් 10ක අමතර මුදලක්ද අය කරන බව සඳහන්ව ඇත.

මෙහිදී දැකගන්නට ඇති විශේෂත්වය වන්නේ කොරෝනා වැක්සින් යනුවෙන් නම් කරමින් ප්‍රචාරය කර ඇති මෙම දැන්වීම සඳහා ධම්මික බණ්ඩාර කපුවා විසින් කතානායකවරයා වෙත කොරෝනා පැණිය ලබාදෙන ආකාරයේ ඡායාරූප, සෞඛ්‍ය අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කොරෝනා පැණිය බොන අවස්ථාව, කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ නිවස අසල කොරෝනා පැණිය ලබාගැනීමට පොරකන ජනතාවගේ ඡායාරූප පළකරමින් මෙම දැන්වීම සකස් කර තිබීමය.


No comments:

Post a Comment

Post Bottom Ad