ජනාධිපතිතුමනි, කුමන්ත්‍රණකාරයන්ට අහුවෙලා විහිළුවක් වෙන්න එපා ! (Video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 9, 2021

ජනාධිපතිතුමනි, කුමන්ත්‍රණකාරයන්ට අහුවෙලා විහිළුවක් වෙන්න එපා ! (Video)

රටේ අනාගතය සම්බන්ධයෙන් විශාල බලාපොරොත්තු තබා ගනිමින් බලයට පත්කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද වනවිට රටේ ජනතාවගේ උසුළු විසුළුවලට ලක්වෙමින් තිබෙන බවත්, එය ජනාධපතිවරයාගේ ජයග්‍රහණය සහාය දැක්වූ තමන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ තත්වයක් බවත් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසනවා.

ජනාධිපතිවරයා කෙරෙහි රටේ ජනතාව තැබූ බලාපොරොත්තු ඉටු නොවන්නේ නම් ඊළඟ ඡන්දයේදී ගෙදර යාමට ජනාධිපතිවරයාට සිදුවන බවත්, එසේ වුවහොත් නැවත ජනතාව අතරට පැමිණීමට නොහැකි වනු ඇති බවත් අභයතිස්ස හිමි පවසනවා. තමන් වටා සිටින කුමන්ත්‍රණකරුවන්ගෙන් ආරක්ෂා වී ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට දැන් හෝ කටයුතු කළයුතු බවයි අභයතිස්ස හිමි වැඩිදුරටත් පවසන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad