පාටලී කියන්නෙ අවස්ථාවාදයේ කප්පිත්තෙක් - ආණ්ඩු පෙරලන්න් පාටලී එක්ක එකතු වෙන්නෙ නෑ -විමල් | Wimal Weerawansa - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 12, 2021

පාටලී කියන්නෙ අවස්ථාවාදයේ කප්පිත්තෙක් - ආණ්ඩු පෙරලන්න් පාටලී එක්ක එකතු වෙන්නෙ නෑ -විමල් | Wimal Weerawansa


පෙර කලක තමන් විසින් ‘දොන් ජුවන් ධර්මපාල පෙරිය බණ්ඩාර’ ලෙස හැඳින්වූ රනිල් වික්‍රමසිංහ නැමති දේශපාලනඥයා පසුව ‘දියසෙන් කුමාරයා’ ලෙසින් පිළිගත් අවස්ථාවාදයේ කප්පිත්තකු වන පා.ච. රණවක වැන්නකු සමග කවර දේශපාලන පෙරමුණු දැයි ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කර සිටියි.
ටී.වී දෙරණ 360° වැඩසටහනට සහභාගී වූ විමල් වීරවංශ අමාත්‍යවරයාගෙන් ‘පා.ච. රණවක මන්ත්‍රීවරයා ගොඩනඟන නව බලවේගයට සම්බන්ධ වෙනවාද?’ යනුවෙන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.

මෙහිදී දැඩිව අදහස් දැක්වූ ජානිපෙ නායකවරයා පෙන්වා දුන්නේ පා.ච. රණවක යනු ප්‍රතිපත්තියක් නැති, රටක් ජාතියක් ගැන ඒකමතික හැඟීමක් නැති, ඕනෑම දේශපාලන අසූචි වලක ලගින්නෙකු ලෙස මෙරට ජාතිකවාදී, ප්‍රගතිශීලී ජනතාව හඳුනා ගෙන ඇති බව ය.

පා.ච. රණවක මන්ත්‍රීවරයා ‘විමල්, ගම්මන්පිල ,බන්දුල එකතුකරගෙන ආණ්ඩුවට වැඩේ දීමට සාකච්ඡා කරමින් සිටිනවා’ යනුවෙන් තැන තැන ප්‍රකාශකර ඇතැයි තමන්ට ද දැනගැනීමට ලැබුණු බවත් එවැනි දේශපාලන පිංගුත්තරයකු සමග සාකච්ඡා කරනවා තබා ඔහු සිටින දෙස බැලීමටවත් තමන් ඇතුළු ඉහත පිරිස සූදානම් නැති බවත් වීරවංශ මහතා අවධාරණය කළේය.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

No comments:

Post a Comment

Post Bottom Ad