ඇමති වාසුදේව රජයේ රෝහලකට.. ඔහුගෙන් විශේෂ දැනුම් දීමක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 12, 2021

ඇමති වාසුදේව රජයේ රෝහලකට.. ඔහුගෙන් විශේෂ දැනුම් දීමක් !

වාසුදේව නානායක්කාර මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා නිකුත් කරන ලද විශේෂ ප්‍රවෘත්ති නිවේදනයයි.

ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා වෛද්‍ය උපදෙස් මත සායනික පරීක්ෂණ සඳහා යොමුකර ඇත.

දැනට රජයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක නේවාසිකව පසුවන අමාත්‍යතුමා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුතුව පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි.

ජනවාරි මස 09 වන දින පැවති උණ රෝගී තත්ත්වය සහ ශාරීරික අපහසුතාවය හේතුවෙන් වෛද්‍ය විශේෂඥ උපදෙස් මත PCR පරීක්ෂණයකට යොමු වීමෙන් අනතුරුව කොවිඩ් 19 වෛරසය ශරීරගත වී ඇතැයි තහවුරු වී ඇත.

අවම වශයෙන් ජනවාරි 06 වන දින සිට වාසුදේව නානායක්කාර අමාත්‍යතුමන් හමුවුනු සියලු දෙනාට ස්වයං නිරෝධායනයට යොමුවන ලෙස අමාත්‍යතුමා ඉල්ලා සිටින අතර දිවයිනේ නන් දෙසින් ආගමික වතාවත් ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා සිදුකරන මහා සංඝරත්නය, පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේලාට සහ හිතවතුන්ට එතුමන්ගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනු ලබන බව ද දන්වා සිටිමි.

මහේන්ද හරිස්චන්ද්‍ර
අධ්‍යක්ෂක මාධ්‍ය
ජල සම්පාදන අමාත්‍යංශය


No comments:

Post a Comment

Post Bottom Ad