වෙන්ඩෝල් සභාපති සෝවාන් ඵලය ලබා ගනී.. මාධ්‍ය කැදවා ඒ බව හෙලි කරයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 6, 2021

වෙන්ඩෝල් සභාපති සෝවාන් ඵලය ලබා ගනී.. මාධ්‍ය කැදවා ඒ බව හෙලි කරයි..

තමන් සෝවාන් ඵලයට පැමිණි බවත් තමන් දැන් සෝවාන් ලාභියෙක් බවත් වෙන්ඩෝල් සමාගමේ අධිපති වෛද්‍ය ලේල්වල ගොඩකන්ද මහතා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ඕනෑම අයෙක් සමග විවාද කිරීමට සූදානම් බවද පවසන ඔහු එම විවාදයට සහභාගි වන පුද්ගලයා ද සෝවාන් ලාභියෙකු විය යුතු බවද කියා සිටී.

වර්තමානයේ රහතන් වහන්සේලා සිටින්නේ යයි කියන්නේ තනිකර බොරුවක් බවත් බොරු රහතුන් බුද්ධ කාලයේදීද සිට නැති බවත් ඔහු සඳහන් කරයි.

සෝවාන් ඵලය ලැබූ තවත් අය ලංකාවේ සිටින බවත් ඒ අය ඕනෑම වෙලාවක ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඒ මහතා කියා සිටියි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad