රාජපක්ෂවරුන් විනාශ කරනවා කියන්නේ රට විනාශ කරනවා කියන එක බව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට සඳහන් කරති. කවුරුන් මොනවා කිව්වත් මේ රට රැකුණේ රාජපක්ෂවරුන් නිසා බව ද උන්වහන්සේ කියා සිටිති.
හාමුදුරුවරුන් රාජපක්ෂවරුන්ට ගැති වෙලා යැයි ඇතැමකුට කිව හැකි වුවද යුද්ධය අවසන් වූයේ ද අධිවේගී මාර්ග යථාර්තයක් වූයේද රාජපක්ෂ වරුන් නිසා බවත් උන්වහන්සේ පවසති.
භික්ෂූන් වහන්සේලා ලෙස තමන් වහන්සේලාට ඔවුන්ගෙන් ලබාගත ගන්නට අමුතු දෙයක් නැති බව ද උන්වහන්සේ පෙන්වා දෙති.
ඉංග‍්‍රිසින්ගෙන් පසුව මෙරට පාලනය කළ අනෙක් පාලකයන්ට සාපේක්ෂව බැලූ විට රාජපක්ෂවරුන් යටතේ මේ රටට විශාල සේවයක් සිදුවී ඇතැයි ද උන්වහන්සේ කියා සිටිති.
No comments:
Post a Comment