අගමැති මහින්ද ඉදිරිපිටම මුරුත්තෙට්ටුවේ හිමිගෙන් තවත් ප්‍රහාරයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 28, 2021

අගමැති මහින්ද ඉදිරිපිටම මුරුත්තෙට්ටුවේ හිමිගෙන් තවත් ප්‍රහාරයක්

ඉතාම කෙටි කාලෙකින් ජනතාව කලකිරුණු එකම ආණ්ඩුව වර්තමාන ආණ්ඩුව බව නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ ඊයේ (25) දින පැවති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත ග්‍රන්ථ දෙකක් එළි දැක්වීමේ උත්සවයේදී උන්වහන්සේ මේ අදහස් ප්‍රකාශ කරනු ලැබීය. එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්ව සිටි අතර අගමැතිවරයා ඉදිරියේදී උන්වහන්සේ අදහස් පළකළේ මෙසේය.

“මේ රට මෙහෙම යන්න දෙන්න බෑ අගමැතිතුමනි. මේ රටේ ජනතාව ඉන්නේ ඔබතුමා එක්කයි. සමහරු කියනවා දැන් අගමැතිතුමා බස්එකෙන් බැහැල ඉන්නේ කියලා. අපි ඔබ නැවතවරක් බස් එකේ නග්ගගෙන යනවා. ඒකට ජනාධිපතිතුමා කවදාවත් විරුද්ධ වෙන්නේ නෑ. ඉතාම කෙටි කාලයක් තුළ ජනතාව කළකිරිච්ච ආණ්ඩුව මේක කියලා කිව්වොත් කාටවත් තරහා වෙන්න දෙයක් නෙවෙයි. අපි මේ ආණ්ඩුව ගේන්න වෙච්ච මහන්සිය දැක්කහම ඒ වගේ වචනක් අහන්න කිසිම වෙලාවක සූදානම් නැහැ.” යනුවෙන් උන්වහන්සේ කියා සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad