magalkanda sudaththa thero - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 26, 2021

magalkanda sudaththa thero

ඥානසාර හිමිගෙන් තොරතුරු අරගෙන උන්වහන්සේගේ ප්‍රකාශ දෙකක් දක්වමින් බොදු බල සේනා සංවිධානය ඉලක්ක කිරීමට කටයුතු කර ඇති පාස්කු කොමිසම සහරාන් පිළිබඳව තොරතුරු ඇතුලත් ලිපිගොනු සැඟවීමට කටයුතු කල නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වන අසාද් නවාවී සහ මලික් අසීස් ට විරුද්ධව අපරාධ චෝදනා නැගීමට අසමත් වී ඇති බව නව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි අද (26) කළුතරදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය.

ඥානසාර හිමිගේ ප්‍රකාශ දෙක නිසාද බෝම්බ ගැහුවේ නොඑසේනම් 2017 ලැබුණු සහරාන්ගේ ලිපිගොනුව සැඟවීම නිසාද බෝම්බ ගැහුවේ කියලා කොමිෂන් සභාවෙන් ප්‍රශ්න කර සිටින බව ප්‍රකාශ කර සිටි සුදත්ත හිමියෝ “කොමිෂන් සභාව කාවද මේ රකින්න උත්සහ කරන්නේ” යැයි සඳහන් කර සිටියා.

සහරාන් සමග සෘජුව හා වක්‍රව ගනුදෙනු කල දේශපාලකයන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් සහරාන්ලට දේශපාලන, මුල්‍ය අනුග්‍රහය ලබා දුන් පුද්ගලයින්ට විරුද්ධව කිසිදු නිර්දේශයක් නොමැති බවත් සුදත්ත හිමියෝ පැවසීය.

ජනාධිපති කොමිෂන් සභාව සහ දෙකයි පනහේ නිර්දේශ කුණු කූඩයට දමන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂ විමර්ශන නිලධාරීන්ට මේ පිළිබඳව පරීක්ෂණ කිරීමට අවස්තාව ලබා දෙන ලෙස සුදත්ත හිමියෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින ලදි.


No comments:

Post a Comment

Post Bottom Ad