එයාර් ලංකා හරහා තවත් මහා පරිමාණ කොල්ලයකට ආණ්ඩුව සැරසෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 16, 2021

එයාර් ලංකා හරහා තවත් මහා පරිමාණ කොල්ලයකට ආණ්ඩුව සැරසෙයි

යාර් ලංකා ගුවන් සමාගමට භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කල්බදු පදනම යටතේ ලබාගැනීමට ඊයේ (15) රැස්වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදීමත් සමග ප්‍රමුඛ පෙළේ‍ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වී ඇත.

මේ වනවිට වෙනම ගුවන් යානයක් යොදවා ජාත්‍යන්තර වශයෙන් ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට තරම් ප්‍රමාණවත් ආදායමක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නොලැබෙන බව අනාවරණය වී ඇත. 2019 වර්ෂයේදී එමගින් ගුවන් සමාගම ලබාගෙන ඇත්තේ ඩොලර් මිලියන 94ක් වන ඉතා සුළු ආදායම් ප්‍රමාණයකි.

මෙසේ තිබියදි වෙනම ගුවන් යානයක් ලබා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පවා ලබාදීම විමතියට කරුණක් බව ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මතය වී තිබේ. මෙයට පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ 2013 දී එයාර් බස් 14ක් මිලදී ගැනීම සඳහා අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් අවලංගු කිරීම වෙනුවෙන් රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුව රුපියල් කෝටි 1,700කට අධික වන්දි මුදලක් ගෙවා තිබිණි.

මෙම පසුබිම යටතේ ගුවන් භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන් වෙනම ගුවන් යානයක් ලබාගැනීමට සූදානම් වීම බරපතළ සැකයකට හේතු වී ඇති බව අනාවරණය වේ.


No comments:

Post a Comment

Post Bottom Ad