ජාතික කොඩියෙන් යට ඇදුම් අදින්න කාන්තාවන් කැමතියි.. දුපත් චින්තකයන් කලබල වෙලා - මහින්ද පතිරණ - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 12, 2021

ජාතික කොඩියෙන් යට ඇදුම් අදින්න කාන්තාවන් කැමතියි.. දුපත් චින්තකයන් කලබල වෙලා - මහින්ද පතිරණ

ශ්‍රී ලංකා ජාතික කොඩිය පාපිස්නක් සේ සකසා අලෙවි කිරීම ගැන කලබල වී ඇත්තේ දූපත් චින්තකයන් බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

බටහිර රටවල කාන්තාවන් තම ජාතික ධජය යට ඇඳුමක් සේ භාවිතා කිරීමට වැඩි කැමැත්තක් දක්වන බව ද ඔහු පෙන්වා දෙයි.

මෙරට ජාතික කොඩිය පාපිස්නක් සේ සකසා අන්තර්ජාල වෙබ් අඩවියක විකිණීමට ද දමා තිබීම පිළිබඳව තම මතය සමාජ ජාලා ගිණුමේ සටහන් කර ඇත්තේ මෙසේය.

“ජාතික කොඩි ගැන අප සිතන ආකාරයෙන් ම අනෙත් අය ද සිතන බව ඇතැම්හු සිතති.

ලංකාවේ කොඩිය පාපිස්නක් ලෙස සකසා අලෙවි කිරීම ගැන එවැනි දූපත් චින්තකයින් කලබල ව සිටීම අද දැකගත හැකි ය.

කෙසේ වෙතත්, බොහෝ බටහිර ඈ රටවල කාන්තාවෝ තම ජාතික ධජය යට ඇඳුමක් සේ භාවිත කිරීමට පවා දැඩි කැමැත්තක් දක්වති.

එවැනි ඇඟළුම් විදෙස් රටවලට අපනයනය කරන ඔවුහු ඒ ඔස්සේ මුදල් උපයති. ඒ තුළින් ම ජාතිය නගති.”


No comments:

Post a Comment

Post Bottom Ad