සීනි බදු අඩු කලේ යහපත් චේතනාවෙන්… ජාවාරම්කරුවෝ අනියම් වාසි අරගෙන.. බැදුම්කරෙයි සීනියි සමාන නෑ - මහින්ද අමරවීර - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 12, 2021

සීනි බදු අඩු කලේ යහපත් චේතනාවෙන්… ජාවාරම්කරුවෝ අනියම් වාසි අරගෙන.. බැදුම්කරෙයි සීනියි සමාන නෑ - මහින්ද අමරවීර

සීනි බදු අඩු කලේ යහපත් චේතනාවෙන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

නමුත් එයින් බලාපොරොත්තු වූ පරිදි මහජනතාවට සහනයක් ලැබී ඇති බවක් පෙනෙන්නට නැතැයි ද ඒ මහතා පැවැසීය.

බදු අඩු කිරීමේදී යම් අඩුපාඩුවක් වී ඇතැයි පැවසූ ජාඇමති අමරවීර ඉන් ජාවාරම්කරුවන් අනියම් වාසි අත්පත් කරගෙන ඇති බවක් පෙනෙන බවද කියා සිටියේය.

කෑගල්ලේදී මාධ්‍ය වෙත ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

බැදුම්කර වංචාව හා සීනි බදු වංචාව කිසිසේත්ම සමාන නැතැයිද ඒ මහතා තව දුරටත් එහිදී කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad