සීනි බදු වංචාව වැරදියි.. මේ ආණ්ඩුව ආවෙ හොරකම් කරන්න නොවෙයි - දයාසිරි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 12, 2021

සීනි බදු වංචාව වැරදියි.. මේ ආණ්ඩුව ආවෙ හොරකම් කරන්න නොවෙයි - දයාසිරි

සීනි බදු වංචාවට සහභාගී වූ සියළු දෙනාට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා නීතිය ක‍්‍රියාත්මක කරනු ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් ඇමති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. හොරකම් කරන ආණ්ඩුවක් යැයි හංවඩු ගැසී තිබූ පසුගිය ආණ්ඩුව එලවා දමා මෙම ආණ්ඩුව පත් කරන ලද්දේ හොරකම් කිරීමට නොවන බව ද ඔහු පැවසීය.

මෙම වංචාවට සහභාගීවූ සියලුම දෙනාට දඬුවම් දිය යුතු බව තම ස්ථාවරය බවත් ඔහු කියා සිටියේය.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමතිවරයා මේ බව පැවසුවේය.


No comments:

Post a Comment

Post Bottom Ad