අසාද් සාලි රකින්න තානාපති පොරයක්.. ජිනීවා වෙතත් පැමිණිලි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 18, 2021

අසාද් සාලි රකින්න තානාපති පොරයක්.. ජිනීවා වෙතත් පැමිණිලි

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාර අසාද්සාලි මහතා අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා විදේශ තානාපති කාර්යාල බලධාරීන් කීපදෙනකු දැඩි උත්සාහයක නිරත වීමේ සිද්ධියක් අනාවරණය වී ඇත.

එහෙත් නීතිපතිවරයාගේ නියෝගය නිසා එම උත්සාහය ව්‍යර්ථ වී තිබේ.

අසාද්සාලි අත්අඩංගුවට ගැනීමට යන බව වාර්තා වීමත් සමගම එම විදේශ තානාපති කාර්යාල බලධාරීන් විසින් රජයේ ඉහල පෙළේ බලධාරීන්ගේ අවධානය යොමු කර ඇත.

මේ අතර මෙරට මුස්ලිම් දේශපාලකයන් කොළඹ ඉස්ලාමීය තානාපති කාර්යාල 6 ක් සම`ග දැඩි සබඳකම් පවත්වන බව බුද්ධි අංශ විසින් සොයා ගෙන තිබේ.

අසාද්සාලි අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ගැන ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙතද පැමිණිලි යොමු වී ඇත.

– divaina


No comments:

Post a Comment

Post Bottom Ad