‘කළු ඉරිදා’ පල්ලියේ විරෝධයට අස්ගිරි පාර්ශ්වයත් එකතු වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 1, 2021

‘කළු ඉරිදා’ පල්ලියේ විරෝධයට අස්ගිරි පාර්ශ්වයත් එකතු වෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු සාධාරණයක් මෙතෙක් ඉටු නොවීම හේතුකොටගෙන කතෝලික ජනතාව කළු ඉරිදාවක් ප්‍රකාශයට පත් කිරීම සාධාරණ බවත්, ඒ සදහා මහා සංඝරත්නයේ සහාය නිරතුරුවම ලැබෙන බවත් අස්ගිරි මහා පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් සදහන් කොට ඇත.

දැනට නිකුත් වී ඇති පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

එම වාර්තාව ඉතාම අසම්පූර්ණ සහ අසාර්ථක එකක් බවත්, එය කිසිසේත්ම පිළිගැනීමට නොහැති එකක් බවත්ය.

මෙම වාර්තාවෙන් ප්‍රහාරයට මූලිකත්වය ගත් සැබෑ අපරාධකරුවන් සොයනවා වෙනුවට බෞද්ධ සංවිධානවලට පවා චෝදනා එල්ල කොට ඇති බවද උන්වහන්සේ කීහ.


No comments:

Post a Comment

Post Bottom Ad