පන්නල ඥානාලෝක හිමියන් අපවත් වූයේ කොරෝනා එන්නත විෂවීමෙන් - රතන හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 9, 2021

පන්නල ඥානාලෝක හිමියන් අපවත් වූයේ කොරෝනා එන්නත විෂවීමෙන් - රතන හිමි

නප්‍රිය ධර්ම දේශක පූජ්‍ය පන්නල ඥානාලෝක හිමියන් අපවත් වූයේ කොරෝනා එන්නත ලබාදීමෙන් පසු ඇතිවූ ආසාත්මිකතාවයන් හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු කරන දිනයක් තවමත් තීරණය කර නොමැති බවද පැවසූ රතන හිමියන් කොරෝනා පරීක්ෂණයක් කිරීමෙන් පසු ලැබෙන වාර්තාවලින් පසු ඒ ගැන තීරණයක් ගන්නා බවද සඳහන් කළේය.

ඥාණාලෝක හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රතන හිමියෝ මේ බව සඳහන් කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad