පාස්කු බෝම්බය බෞද්ධයන්ගේ වැඩක් කියා කොමිසම් වාර්තාවෙන් පේනවා - අස්ගිරියෙන් ප‍්‍රකාශයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 9, 2021

පාස්කු බෝම්බය බෞද්ධයන්ගේ වැඩක් කියා කොමිසම් වාර්තාවෙන් පේනවා - අස්ගිරියෙන් ප‍්‍රකාශයක්

පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය ගැන සොයා බලන්නට පත්කළ ජනාධිපති කොමිෂන් වාර්තාව අනුව එය සිංහල බෞද්ධයා විසින් කරන ලද්දක් බව ජාත්‍යන්තරට පෙනී යනු ඇතැයි සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද අනුනායක ස්වාමින් වහන්සේ පැවසූහ.

මේ වනවිට පෞද්ගලික අදහස් තමන්වහන්සේ දක්වා ඇති බවත් ඉදිරියේදී සංඝ සංහාවේ මතය ප්‍රකාශ කරන බවත් උන් වහන්සේ කීහ.

“පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව බැලුවහම ජාත්‍යන්තරය වුනත් හිතන්න පුළුවන් මේ දේ කලේ සිංහල බෞද්ධයා කියලා. ඒ තරමටම මේක වාර්තාව වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය වෙන විදිහේ ප්‍රකාශනයක්” යැයි අනුනායක හිමියෝ අවධාරණය කර සිටියහ.

බොදු බල සේනා සංවිධානයේ නායක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු ජාතික සංවිධාන නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේලා පිරිසක් ඊයේ (8) මහනුවරදී හමුවූ අවස්ථාවේදී අනුනායක හිමියෝ මෙම අදහස් දැක්වීම සිදුකරන ලදි.


No comments:

Post a Comment

Post Bottom Ad