විමල්ට විරුද්දව බදියුදීන් රහස් පොලිසියට පැමිණිලි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 10, 2021

විමල්ට විරුද්දව බදියුදීන් රහස් පොලිසියට පැමිණිලි කරයි

මාත්‍ය විමල් වීරවංශ මහතා විසින් 2021 මාර්තු 09 දින සිදුකළ සාවද්‍ය ප්‍රකාශයක් සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වා යුක්තිය ඉටුකිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, සමස්ත ලංකා මහජන කොන්ග්‍රස් පක්ෂ නායක රිෂාඩ් බතියුදීන් මහතා අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාරදෙන ලදී.

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරු වන සහරාන් සමග තමන්ගේ සහෝදරයා දුරකථනයෙන් කතා කළ බවට විමල් වීරවංශ අමාත්‍යවරයා හිතාමතා සාවද්‍ය චෝදනාවක් සමාජගත කරමින් සිදුකළ කළ ප්‍රකාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, දැනුවත්ව සමාජය නොමගට පෙළඹවීමේ අපේක්ෂාවෙන් මෙම ප්‍රකාශය සිදුකළ විමල් වීරවංශ අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙස ද මෙම පැමිණිල්ලෙන් ඉල්ලා සිටියි.

– media unit


No comments:

Post a Comment

Post Bottom Ad