ලසන්තගේ දියණිය රට විනාශ කිරීමට උත්හාස කරනවා..! – විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 5, 2021

ලසන්තගේ දියණිය රට විනාශ කිරීමට උත්හාස කරනවා..! – විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික‍්‍රමතුංග විසින් රට විනාශ කිරීමට උත්සහ දරන බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ජයන්ත කොළඹගේ මහතා චෝදනා කර සිටියි.

ඒ මහතා මේ බව කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ වත්මන් රජය දැඩිලෙස විවේචනයට ලක් කරමින් වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ඇය විසින් ලියා ඇති ලිපියක් සම්බන්ධව අදහස් දක්වමින්.

වොෂින්ටන් පෝස්ට් වෙත ලියූ සිය ලිපියෙන් අහිම්සා වික‍්‍රමතුංග පවසා සිටින්නේ සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම පැහැර හැර ඇති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad