විදේශයන්හි සිට කොරෝනා එන්නත ලබාගෙන එන නිවෙස් නිරෝධායනයට.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 13, 2021

විදේශයන්හි සිට කොරෝනා එන්නත ලබාගෙන එන නිවෙස් නිරෝධායනයට..

කොරෝනා එන්නත ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස් නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට අවධානය යොමු වී තිබේ. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණය ලබන 15 වැනිදා ප්‍රකාශයට පත් කරනු ඇති බවයි.

කොරෝනා එන්නත ලබාගෙන පැමිණෙන පුද්ගලයන් PCR පරීක්ෂණයට යොමු කිරීම පසුව මෙසේ මුදා හැරීමට තමන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් ඉල්ලීමක් කළ බවද හමුදාපතිවරයා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ප්‍රකාශයට පත්කරන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ යැයි ද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad