බුර්කාව තහනම් කරන්න හදිසියක් නෑ..- කැබිනට් ප‍්‍රකාශක කියයි.. කැබිනෙට්ටුවටවත් නොගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 16, 2021

බුර්කාව තහනම් කරන්න හදිසියක් නෑ..- කැබිනට් ප‍්‍රකාශක කියයි.. කැබිනෙට්ටුවටවත් නොගනී

බුර්කාව තහනම් කිරීම සඳහා හදිසියක් නැතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

බුර්කාව තහනම් කිරීමට අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් අත්සන් තබන ලද කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් මාධ්‍ය විසින් විමසීමේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් විවෘත සංවාදයක් ඇති විය යුතු බවද පැවසූ ඔහු ඒ සඳහා යම්කිසි කාලයක් ගත යුතු බවද කියා සිටියේය.

මේ අතර වාර්තා වෙන්නේ බුර්කා තහනම සම්බන්ධයෙන් ඇමැති සරත් වීරසේකර අත්සන් තබන ලද කැබිනට් පත්‍රිකාව යෙදීමේදී කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ගෙන නැති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad