පළාත් සභා මැතිවරණය පැවැත්වීම ජනවරමට පටහැනියි - ගෙවිඳු කුමාරතුංග - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 18, 2021

පළාත් සභා මැතිවරණය පැවැත්වීම ජනවරමට පටහැනියි - ගෙවිඳු කුමාරතුංග

ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට ප්‍රථම පළාත් සභා මැතිවරණය පැවැත්වීම ජනවරමට විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පසුගිය යහපාලන ආණ්ඩුව විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වී ඇති බවයි.

පලාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර පවතින මැතිවරණ ක්‍රමය යෝජිත නව ව්‍යවස්ථාව අනුව වෙනස් කළ යුතු බවද එසේ නැතිව මැතිවරණය පැවැත්වීම ජනවරමට අනුකූල නොවන බවද ඔහු කියා සිටී.

නව ව්‍යවස්ථාව සකස් කිරීමේ දී 13 සංශෝධනය ඇතුළත් මූලික කරුණු කිහිපයක් ගැන නැවත සලකා බැලීම උදෙසා ජනවරම ලැබී ඇති බවද කිව මහතා කියා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad