යහපාලනේ ඇමති කටු කෑ පසුපෙල කිහිප දෙනෙක් විමල්ට ආණ්ඩුවෙන් යන්න කියනවා - JNP මන්ත‍්‍රී නිමල් පියතිස්ස - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 18, 2021

යහපාලනේ ඇමති කටු කෑ පසුපෙල කිහිප දෙනෙක් විමල්ට ආණ්ඩුවෙන් යන්න කියනවා - JNP මන්ත‍්‍රී නිමල් පියතිස්ස

ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත් වීමට කිසිසේත්ම සූදානමක නැති බවත් එවන් සාකච්ඡාවකවත් නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා සඳහන් කරයි.

සන්ධානයක් යටතේ බොහෝ පක්ෂ නියෝජනය කරන බවත් එම සියලු පක්ෂ වලට අනන්‍ය වූ මතවාදයන් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

එම මතවාදයන් ඇතැම් අවස්ථාවල විවිධ ආකාරයෙන් මතු වන බවද පැවසූ ඔහු ඒ මත ආණ්ඩුවෙන් ඉවත් වීමක් නොවන බව ද සඳහන් කළේය.

විමල් වීරවංශ මහතා මේ වන විට ආණ්ඩුව සමඟ ඉතා සක්‍රීයව උපරිම ක‍්‍රියාකාරීත්වයක සිටින බවද පැවසූ ඔහු පසුපෙළ මන්ත්‍රීවරු යයි කියාගන්නා කිහිපදෙනකු තනතුරු වරදාන බලාපොරොත්තුවෙන් යම් විකෘති අදහස් පළ කිරීමක් සිදුකරන බවද කියා සිටියේය.

එම පසුපෙළ මන්ත්‍රීවරු මේ කියාගන්නා පිරිස පිරිසගෙන් ඇතැමුන් පසුගිය යහපාලන ආණ්ඩු කාලයේ මහින්ද රාජපක්ෂ මහතා පාවා දී යහපාලනයේ ඇමතිකම් දැරූ අය බවත් ඔහු සඳහන් කළේය.

ජාතික රූපවාහිනියේ පැවති වැඩසටහනකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad