ආණ්ඩුව ඇතුළේ අර්බූදයක්: රාජ්‍ය ඇමැති ප්‍රසිද්ධියේ පිළිගනී - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 28, 2021

ආණ්ඩුව ඇතුළේ අර්බූදයක්: රාජ්‍ය ඇමැති ප්‍රසිද්ධියේ පිළිගනී - (video)

ආණ්ඩුව තුළ පවතින අභ්‍යන්තර අර්බුදවලට කඩිනමින් විසදුම් ලබාදිය යුතු බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් පුද්ගලයින් විසින් ආණ්ඩුව තුළ අර්බුද ඇති කිරීමට කටයුතු කරමින් සිටින බවය.

ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පළ කළේය.

“අපි රජය පිහිටුවලා දැන් අවුරුද්දකුත් මාස කිහිපයක් ගිහින්. අපි යථාර්තය පිළිගන්න ඕනේ. අපි මේ වනවිට ඉන්න තත්ත්වය. මහා විශාල ජන ප්‍රසාදයක ඉන්නවා ද කියන ප්‍රශ්නය අපි අහන්නට ඕනේ. මේක තුනෙන් දෙකක ආණ්ඩුවක්. මෙවැනි ආණ්ඩුවක් සිටිය යුතු ජන ප්‍රසාදයේ ද අද ඉන්නේ. අපි අතර සමගිය තිබුණේ නැත්නම් ඊළඟ මැතිවරණය ලේසි වෙන්නේ නෑ. දැන් අපි බුද්ධියෙන් විමසලා විසඳුම් සෙවිය යුතුයි. මම හරි කනගාටුවෙන් කියන්නේ. අද අපේම අය වියත් මගට ගහනවා. ටයි එකක් දාපු හැමෝම වියත් මගේ නෙමෙයි. මේ ගහන්නේ උගත් මධ්‍යම පංතියට. මෙහෙම කරලා අපි කොහොමද ඊළග ජන්ද දිනන්නේ..’ යනුවෙන් ගොඩහේවා මහතා කීය.


No comments:

Post a Comment

Post Bottom Ad