ටොන් 102ක රහසිගත මුද‍්‍රිත ද‍්‍රව්‍ය ගුවන් යානා 03කින් උගන්ඩාවට යවලා - තොරතුරු දෙන්න බෑ කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 18, 2021

ටොන් 102ක රහසිගත මුද‍්‍රිත ද‍්‍රව්‍ය ගුවන් යානා 03කින් උගන්ඩාවට යවලා - තොරතුරු දෙන්න බෑ කියයි


ටොන් 102ක් බරකින් යුත් රහසිගත පෙට්ටි තොගයක් උගන්ඩාව වෙත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානා තුනක් විසින් ගෙන ගොස් ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලුවද එම තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප වූ බව ද එම පුවත්පත වාර්තා කරයි.

ටොන් 102 ප්‍රමාණයක් මෙසේ ගොස් ඇත්තේ ‘මුද්‍රිත අමුද්‍රව්‍ය’ යැයි දැනගන්නට ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයද පසුගිය 24 වැනි දින ට්විටර් සටහනක් තබමින් මේ බව සටහන් කර තිබුණද ඒ සම්බන්ධයෙන් මාධ්‍ය විමසීමත් සමගම එම සටහන ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි පුවත්පත් වාර්තාවේ තවදුරටත් දැක්වේ.
GOSSIP GOSSIP LANKA

No comments:

Post a Comment

Post Bottom Ad