ආණ්ඩුව කඩිමුඩියේ 20 වන සංශෝධනය ගෙනාවේ පෝට් සිටිය චීන කොලණියක් කරන්නයි - මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි | Medille Pannaloka Thero - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 18, 2021

ආණ්ඩුව කඩිමුඩියේ 20 වන සංශෝධනය ගෙනාවේ පෝට් සිටිය චීන කොලණියක් කරන්නයි - මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි | Medille Pannaloka Thero


පසුගියදා ආණ්ඩුව විසින් 20 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය කඩිමුඩියේ ගෙන ආවේ වරාය නගරය චීන කොලනියක් පිහිටුවීමට අදාළ පනත ඉක්මනින් සම්මත කර ගැනීමට බව සිංහලේ ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ අදාළ සංශෝධනය මගින් මෙවන් පනත් සඳහා අධිකරණයට යාමට ඇති කාලය දින හතකට සීමා කර ඇති බවයි.

ඒ අනුව මෙම වරාය නගරය කොමිෂන් සභා පනත ඉදිරිපත් කරනු ලද්දේ එම දින 7 තවත් අවහිර වන පරිදි අලුත් අවුරුදු දින කිහිපය ආසන්නයේදී බවද උන් වහන්සේ පැවසූහ.

ආණ්ඩුව විසින් මේ කළ මගඩිය අනුවම මෙම පනත පසුපස විශාල කුමන්ත්‍රණයක් ඇතැයි පැහැදිලි වන බව ද උන්වහන්සේ සඳහන් කළහ.

කොළඹදී මාධ්‍ය අමතමින් උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.
GOSSIP GOSSIP LANKA

No comments:

Post a Comment

Post Bottom Ad