වෙන්නප්පුව ASP මාරු කලේ අරුන්දිකගේ ඉල්ලීමකට.. ලිපිය පොලිස්පති කාර්යාලයෙන් මාධ්‍යට ගිය බව පේනවා.... - පොලිස් ඇමති කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 1, 2021

වෙන්නප්පුව ASP මාරු කලේ අරුන්දිකගේ ඉල්ලීමකට.. ලිපිය පොලිස්පති කාර්යාලයෙන් මාධ්‍යට ගිය බව පේනවා.... - පොලිස් ඇමති කියයි


වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ස්ථාන මාරුවක් කළේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.
අදාළ ඉල්ලීම් ලිපිය සමාජ මාධ්‍යයට නිකුත් වූයේ කෙසේදැයි සොයා බැලිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

එම ලිපිය පොලිස්පති කාර්යාලයෙන් නිකුත් වී තිබෙන බවක් පෙනෙන්නට ඇතැයිද ඔහු පවසයි.

පොලිසිය පාලනය කරන්නේ සුදු පුතා හා කළු පුතා යැයි සඳහන් දෙදෙනකු බවටත් චෝදනා එල්ල වෙමින් ඇතැයි ද කියා සිටියි.

ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවට එක්වෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad