ASP එරික් දංගෙඩියට : ෆෝන් එකත් අරන් : ඇමැති ලියුම පිටවුණු හැටි හොයයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 16, 2021

ASP එරික් දංගෙඩියට : ෆෝන් එකත් අරන් : ඇමැති ලියුම පිටවුණු හැටි හොයයි

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා විසින් පොලිස්පතිවරයාට යොමු කළ ලිපියක් සමාජ මාධ්‍ය ජාලා වෙත යොමු වීම සම්බන්ධයෙන් වෙන්නප්පුවේ හිටපු සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ වී ඇති බව පැවසේ.

පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් මෙම පරීක්ෂණය ආරම්භ කොට ඇත.

ඒ අනුව පසුගිය 12 වැනිදා ඒ මහතාගේ ජංගම දුරකතනය පවා පොලිස් භාරයට ගෙන ඇති බව දැනගන්නට ඇත.

මේ වනවිට ලැබී ඇති තොරතුරවලින් කියැවෙන්නේ අදාළ ලිපිය පොලිසියේ කළු පුතා හෝ සුදු පුතා යන නම්වලින් හදුන්වන කුප්‍රකට නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත යොමු කොට ඇති බවත්, එය අනාවරණය වීම වැළැක්වීම සදහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad