හොරකම මාට්ටු - හොරකම මාට්ටු - දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට | Deraniyagala Pradeshiya Sabha - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 16, 2021

හොරකම මාට්ටු - හොරකම මාට්ටු - දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට | Deraniyagala Pradeshiya Sabha


දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල මාපක 98 ක් ළඟ තබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.
මීට පෙර දැරණියගලගල ජල සම්පාදන මණ්ඩල ගබඩාවෙන් ජල මාපක 477 ඇතුළු උපකරණ තොගයක් අතුරුදහන් වී තිබීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන ලිපිකරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

පසුව සිදුකරන විමර්ශනයේ දී තවත් ජල මාපක 98ක් සභාපතිවරයාගේ භාරයේ තිබී සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සභාපතිවරයා පොදු දේපල පනත යටතේ අද දිනයේ අධිකරණය ඉදිරිපත් කරන බවත් අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad