Astrazeneca එන්නත ගත් මෙරට පුද්ගලයන් 75 දෙනෙකුට කොරෝනා ආසාදනය වෙලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 30, 2021

Astrazeneca එන්නත ගත් මෙරට පුද්ගලයන් 75 දෙනෙකුට කොරෝනා ආසාදනය වෙලා


ඔක්ස්ෆර්ඩ් ඇස්ටසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව ඉන්දියාවෙන් මෑතකදී ලබා ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එහි ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ ඉන්දියාවට දැනට බලපා ඇති දැඩි වසංගතය හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

එනිසා එම එන්නත මෑතකදී ලැබේ යැයි බලාපොරොත්තු තබා ගත නොහැකි බවද ඔහු සඳහන් කළේය. astrazeneca vaccine

මෙම එන්නතේ පළමු මාතාව ලබාගත් මෙරට පුද්ගලයන් 65-75 ත් අතර ප්‍රමාණයකට වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා ලැබී ඇතැයිද ඔහු පැවසීය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments:

Post a Comment

Post Bottom Ad