රසායනික පොහොර ආනයනය නතර කරයි.. ජනපතිගේ කැබිනට් පත‍්‍රිකාව අනුමතයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 28, 2021

රසායනික පොහොර ආනයනය නතර කරයි.. ජනපතිගේ කැබිනට් පත‍්‍රිකාව අනුමතයි

ශ්‍රී ලංකාවට රසායනික පොහොර ආනයනය නතර කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වී තිබේ.

ඊයේ ඉදිරිපත් කරන ලද මෙම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ජනාධිපතිවරයා විසින් මෑතක දී ජනාධිපති මන්දිරයේ පැවැති ආයතන ප්‍රධානීන් සමඟ වූ හමුවකදී සඳහන් කරන ලද්දේ කෙටි කාලයක් තුළදී මෙරට රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම නතර කරන බවකි.

එමෙන්ම කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමට මැදිහත් වන බවත් පොහොර සහනාධාරය ලෙස කාබනික පොහොර ලබා දීමට සැලසුම් කරන බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad