මින් මත්තට පොහොට්ටුවෙන් තරග නොකරන්න ශ්‍රීලනිපය තීන්දු කරයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 30, 2021

මින් මත්තට පොහොට්ටුවෙන් තරග නොකරන්න ශ්‍රීලනිපය තීන්දු කරයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු) ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සමඟ පසුගිය සතියේ සිදු කළ සාකච්ඡාවෙන් පසුව පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධානීන්ගේ සාකච්ඡාවේදී මින් ඉදිරියට පොහොට්ටුව ලකුණෙන් තරඟ නොකිරීමට තීන්දු කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, ඉදිරියේදී තරගවදින සියලුම මැතිවරණ පක්ෂයේ මුල් සලකුණ වූ අත ලකුණ යටතේ තරග වැදීමට එහිදී තීන්දු කර ඇතැයි පැවසේ.

එමෙන්ම මින් ඉදිරියට වෙනත් පක්ෂ සමඟ වෙනත් සලකුණු යටතේ සන්ධානගත නොවීමටත්, අත ලකුණ යටතේ ශ්‍රීලනිපයේ නායකත්වයෙන් පමණක් සන්ධාන බිහිකිරීමට එහිදී තීන්දු කර ඇති බව වාර්තා වේ.
  
කෙසේවුවද, මේ සම්බන්ධයෙන් මැදහත් දේශපාලන විචාරකයින් කියා සිටින්නේ මේ අනුව ශ්‍රීලනිපය පොහොට්ටු සන්ධානයෙන් ඉවත් වීමට අවසන් තීන්දුවක් ගෙන ඇති බවයි.
 
මේ තත්ත්වයත් සමඟ ශ්‍රීලනිප සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ විවේචන එල්ල කිරීම ඉහල ගොස් ඇතැයි ද පැවසේ.
 
එහි වැඩි බර දැරීමට ස්වාධීන රූපවාහිනිය මේවන විට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad