අවුරුදු කෑමේ ප්‍රතිපල එයි! රට වටෙන්ම කොරෝනා රෝගීන් මතුවෙයි!! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 18, 2021

අවුරුදු කෑමේ ප්‍රතිපල එයි! රට වටෙන්ම කොරෝනා රෝගීන් මතුවෙයි!!

දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

විශේෂයෙන් බස්නාහිර, වයඹ, උතුර සහ නැගෙනහිර පළාත්වල එම තත්ත්වයන් දැකගත හැකි බව උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

“ඉතාම පැහැදිලිව ලංකාවේ මේ වෙද්දි අහඹු PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම කරන්නේ නෑ. ඇතැම් පළාත් සභාවල ඊයේ දිනයේත් අපි දැක්කා අහඹු PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා නොගන්නා ලෙස පණිවුඩ හුවමාරු වෙනවා. අහඹු PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගත්තොත් අපි විශ්වාස කරනවා මීට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙයි. මේ වනකොට ලංකාවේ බොහෝ ප්‍රදේශවල රෝගීන්ගේ යම් යම් වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාත, වයඹ පළාත, උතුරු පළාත සහ නැගෙනහිර පළාතේ රෝගීන් වැඩිවීම වාර්තා වෙනවා. ඒ වගේම රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන රාශියක රෝගීන් වාර්තා වෙනවා අපිට පේන්න තියෙනවා. ඒ වගේම පෞද්ගලික රසායනාගාරවල පරීක්ෂණ සිදුකර වාර්තාවන රෝගීන් දැනුම්දීමේ ක්‍රියාවලියේ ගැටලු නිසා එම රෝගීන් නිවෙස් තුළත් රැඳී ඉන්නවා.” 

No comments:

Post a Comment

Post Bottom Ad