පාස්කු ඉරු දින ප්‍රහාරය සිදුකළේ සිය දේශපාලන බලය ශක්තිමත් කර ගැනීමට වෙර දැරූ පිරිසක් – කාදිනල් හිමිපාණන් (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 18, 2021

පාස්කු ඉරු දින ප්‍රහාරය සිදුකළේ සිය දේශපාලන බලය ශක්තිමත් කර ගැනීමට වෙර දැරූ පිරිසක් – කාදිනල් හිමිපාණන් (VIDEO)

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සිහිකිරීම සඳහා බොරැල්ල සහ මාදම්පිටිය සුසාන භූමින් හි ඉදිකර තිබු ස්මාරක දෙකක ආසිරි ගැන්වීමේ උත්සව සඳහා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද එක්ව සිටියා. එහිදී උන්වහන්සේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකර සිටියා.

“මෙම ප්‍රහාරය එල්ල කලේ ආගමික අන්තවාදීන් නෙමෙයි. ඒ ආගමික අන්තවාදය පාවිච්චි කරමින් එය අතකොළුවක් කරගනිමින්  පාස්කු ඉරු දින ප්‍රහාරය සිදුකළේ සිය දේශපාලන බලය ශක්තිමත් කර ගැනීමට වෙර දැරූ පිරිසක්” බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

අනෙක් ආගම් පහත හෙලා යම් ආගමක් මතු කිරීමට කිසියම් පිරිසක් උත්සහ ගන්නේ නම් ඔවුන් වඩාත්ම හානි කරන්නේ තමන්ගේම ආගමට බවත් පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බවත් උන්වහන්සේ මෙහිදී පවසා සිටියා

No comments:

Post a Comment

Post Bottom Ad