ජනපතිගේ ඇමතුම ගැන ආනන්ද හිමි අගමැතිට සියල්ල කියයි.. අගමැති වහාම කොළඹ එයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 16, 2021

ජනපතිගේ ඇමතුම ගැන ආනන්ද හිමි අගමැතිට සියල්ල කියයි.. අගමැති වහාම කොළඹ එයි

තමන් වහන්සේට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දුන් දුරකථන ඇමතුම සම්බන්ධයෙන් අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.

එම ඇමතුමේදී සාකච්චා කර ඇති සියල්ල එලෙසම අග්‍රාමාත්‍යවරයාට පැවසීමට මුරුත්තෙට්ටුවේ හිමියන් ඊයේ දිනයේ කටයුතු කර ඇත.

ඒ වනවිට අග්‍රාමාත්‍යවරයා අලුත් අවුරුද්ද වෙනුවෙන් කොළඹින් බැහැරව ගොස් සිට තිබේ.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ තමන් අද දිනයේ කොළඹ පැමිණෙන බවත් ඒ වහාම උන්වහන්සේ බැහැදැක සාකච්චා කිරීමට අභයාරාමයට පැමිණෙන බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad