ආණ්ඩුවෙන් වෙන් වෙයි: ශ්‍රීලනිප මැයි රැළිය මෛත්‍රී උපන් ගමට අරන් යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 15, 2021

ආණ්ඩුවෙන් වෙන් වෙයි: ශ්‍රීලනිප මැයි රැළිය මෛත්‍රී උපන් ගමට අරන් යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර මැයි රැළිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපන් ගම වන පොලොන්නරුවේ පැවැත්වීමට තීරණය කොට ඇත.

ඒ අනුව ආණ්ඩුවේ තවත් පක්ෂ කිහිපයක් සමග එක්ව ශ්‍රී ලනිපය මෙවර මැයි රැලිය පොලොන්නරුවේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර මේ වනවිට එහි සංවිධාන කටයුතු ආරම්භ කොට ඇති බවත් දැනගන්නට ඇත.

කෙසේවෙතත් ලබන 19 වැනි දින අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ සියලු පක්ෂ අරලිය ගහ මන්දිරයේදී සාකච්ජාවක් පැවැත්වීමට නියමිත අතර එහිදීද මේ සම්බන්ධයෙන් සාකච්ජා වීමට නියමිත බව දැනගන්නට තිබේ.

නමුත් මැයි රැළිය පිළිබද මේ වනවිට ශ්‍රීලනිපය ගෙන ඇති තීන්දුවේ වෙනසක් සිදු නොවනු ඇති බවද දැනගන්නට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad