පෝට්සිටි පනතට පක්ෂ සියලු දෙනා දේශද්‍රෝහීන් – ඇල්ලේ හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 16, 2021

පෝට්සිටි පනතට පක්ෂ සියලු දෙනා දේශද්‍රෝහීන් – ඇල්ලේ හිමි

කොළඹ වරාය නගර කොමිෂන් සභාව සම්බන්ධයෙන් ආණ්ඩුව සහ ආණ්ඩුව බලයට පත් කිරීමට විශාල වශයෙන් කැපකිරීම් කළ බලවේග යන දෙපාර්ශවයේම බෙදීම් තීවෘ වෙමින් තිබෙන බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් මාධ්‍ය වෙත දක්වා ඇති අදහස්වලින්ද තහවුරු වේ.

මෙම කොමිෂන් සභාව සම්බන්ධ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමෙන් පසුව ඡන්දය විමසන අවස්ථාවේදී දේශප්‍රේමීන් සහ දේශද්‍රෝහීන් හඳුනා ගැනීමට හැකිවනු ඇතැයි ඇල්ලේ ගුණවංශ හිමියෝ එහිදී ප්‍රකාශ කර තිබේ.

ශ‍්‍රී ලංකා රජය සමග කිසිදු නෛතික හෝ ව්‍යවස්ථාමය බැඳීමකට යටත් නොවෙමින් සිදුකරනු ලබන අනෙකුත් සියලු ක‍්‍රියාවන් සහ ඒ හා සම්බන්ධ විගණන ක‍්‍රියාවලියටත් ශ‍්‍රී ලංකා රජයට අත පෙවිමට නොහැකි තත්වයක් ඉස්මතු වීම නිසා අදාළ පනත් කෙටුම්පතට සියල්ලන්ම විරුද්ධ විය යුතුව ඇතැයිද උන්වහන්සේ සඳහන් කර ඇත.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇල්ලේ ගුණවංශ හිමියෝ මෙසේද පවසා තිබේ.

“සමුදුර කියන්නේ අපේ සම්පතක්. මේක යට තියෙන ඛනිජ සම්පත ගැන දැන් කව්රුත් කතා නැහැ. ඒකත් චීනයටමද කියලා අපි දන්නේ නැහැ. ඒ අස්සේ අපේ මුහුදේ මත්ස්‍ය සම්පත කොල්ල කන්න ඉන්දියාවට ලයිසන් දෙන්න ඩග්ලස් දේවානන්දා ඇමැති වලි කනවා. මේකටත් ඉඩදෙන්න බැහැ. මේ සම්පත හරහා රැකෙන්නෙත් අපේ රටේ මිනිස්සු”

No comments:

Post a Comment

Post Bottom Ad