මෛත්‍රීට පාස්කු නඩු නෑ; 59 කට නඩු වැටෙයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 16, 2021

මෛත්‍රීට පාස්කු නඩු නෑ; 59 කට නඩු වැටෙයි !

පාස්කු ප්‍රහාර අට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් 59 දෙනකුට එරෙහිව මුලින්ම නඩු පැවරීමට සූදානම්වන බව වාර්තා වේ.

ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 12 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මේවන විට අදාළ නඩු ගොනු සකස්කරමින් සිටින බව ද පැවසේ.

මේ නඩු පැවරීම සිදුවන්නේ පරීක්ෂණ වාර්තා තුනක් නීති අංශ මගින් අධ්‍යයනය කිරීමෙන් පසුව බවද වාර්තා වේ.

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව, පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ වාර්තාව සහ ප්‍රහාරයත් සමඟ සිදුකළ පොලිස් පරීක්ෂණයට අදාළ වාර්තාව එසේ නඩු පැවරීමට අධ්‍යනය කරන වාර්තා වේ.

මෛත්‍රීට පාස්කු නඩු නෑ

මෙම නඩු පැවරීමේදී ජනාධිපති කොමිසම හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නඩු පවරණ ලෙස නිර්දේශ කර තිබුණද ඔහුට එරෙහිව කිසිදු නඩුවක් නොපැවරෙන බව වාර්තා වේ.

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට හිමිවන මුක්තිය හේතුවෙන් නීති අංශ විසින් ඔහුට එරෙහිව නඩු පැවරිය නොහැකි බව පෙන්වා දී ඇතැයි පැවසේ.

මෙම සතියට වසරක් පිරෙන පාස්කු ප්‍රහාරය නිසා පුද්ගලයන් 274 දෙනෙක් මරණයට පත්වූහ.

ඒ අය අතර විදේශික ළමුන් 6 දෙනෙක් ඇතුළු විදේශිකයන් පිරිසක් ද වූහ.

500කට අධික පිරිසක් තුවාල ලදහ.

No comments:

Post a Comment

Post Bottom Ad