ජනාධිපති තර්ජනය කලා යයි ප‍්‍රසිද්ධියේ පැවසීම සදාචාර විරෝධීයි.. විජේදාස ගැන සැකයි - සරත් වීරසේකර - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 17, 2021

ජනාධිපති තර්ජනය කලා යයි ප‍්‍රසිද්ධියේ පැවසීම සදාචාර විරෝධීයි.. විජේදාස ගැන සැකයි - සරත් වීරසේකර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දුරකථන ඇමතුමක් ලබා දෙමින් තමනට තර්ජනාත්මකව ඇමතුවේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රසිද්ධියේ පැවසීම සදාචාර සම්පන්න නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ විජයදාස රාජපක්ෂ මහතාට ගැටලු ඇත්තේ නම් ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දී සාකච්ඡා කිරීමට ඉඩ තිබූ නමුත් ඔහු එවැන්නක් සිදු නොකළ බව ද ඇමැතිවරයා පවසයි.

වරාය නගරයේ ආරක්ෂාව බාරව ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියට බවත් එම භූමියට හෙලිකොප්ටරයක් වුවද ගොඩබෑමට නියමිත අවසරය ලබාගත යුතු බවත් පැවසූ ඔහු එවන් පසුබිමකදී විජේදාස රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයක් වැරදි බවද කියා සිටියේය.

වරාය නගර ව්‍යාපෘතිය යනු ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් බවත් මෙය දැන් සිටම කඩාකප්පල් කිරීමට විවිධ පාර්ශ්ව උත්සාහ දරමින් සිටින බව ද පැවසූ ඔහු විජේදාස මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය ගැන සැකයක් ඇති බවද පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ කෝට්ටේ රජ මහා විහාරස්ථානයේ පැවැති හිසතෙල් ගෑමේ අවස්ථාවට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad