වරාය නගර පනත අගමැති අතට ගනී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 17, 2021

වරාය නගර පනත අගමැති අතට ගනී !

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන කොළඹ වරාය නගරය ආර්ථික කලාප විශේෂ කොමිසන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හතර විශේෂ සාකච්ඡාවක් නුදුරේදීම පැවැත්වීමට නියමිතව ඇත.

අලුත් අවුරුද්ද හේතුවෙන් කොළඹින් බැහැරව සිටින අග්‍රාමාත්‍යවරයා කොළඹ පැමිණීමෙන් අනතුරුව මෙම සාකච්ඡාව පැවැත්වේ.

මේ අතර අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් අතර සදුදා දිනයේ පැවැත්වෙන සාකච්ඡාවේ දී ද මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් වනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම කැබිනට් මණ්ඩලය ද සදුදා දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන අතර එහිදී ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad