විජේදාසට ආව වගේ දුරකතන ඇමතුම් මටත් එනවා..- ඇමති ඉන්දික අනුරුද්ද - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 18, 2021

විජේදාසට ආව වගේ දුරකතන ඇමතුම් මටත් එනවා..- ඇමති ඉන්දික අනුරුද්ද

 
පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාට පැමිණි ආකාරයේ දුරකථන ඇමතුම් තමනටද ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කරයි.
තම පාක්ෂිකයන්ගෙන්. තමන්ගෙන් යමක් බලාපොරොත්තු වුණ අයගෙන් ඒ ආකාරයට ඇමතුම් බොහෝ ලැබෙන බවද ඇමැතිවරයා පැවසීය.

ඒ ආකාරය දුරකථන ඇමැතුම් ලැබුනු පමණින් දුර ප්‍රවෘත්ති සාකච්ඡා තැබීමට තරම් තත්වයකට විජයදාස රාජපක්ෂ මහතා ඇද වැටීම ගැන තමන් කණගාටුවන බවද ඔහු පැවසීය.

විජේදාස රාජපක්ෂ මහතාගේ මාධ්‍ය සාකච්ඡාව තමන් පිළිකුල් ලෙස සහගත ලෙස හෙළා දකින බව ද ඒ මහතා සඳහන් කළේය.

උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad