ප්‍රමිති කාර්යාංශය බාල සිමෙන්තිවලටත් චුට්‌ටක්‌ ඉඩදීලා. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 17, 2021

ප්‍රමිති කාර්යාංශය බාල සිමෙන්තිවලටත් චුට්‌ටක්‌ ඉඩදීලා.

සිමෙන්ති නිපදවීම සඳහා ගෙන්වා ඇති බාල අමුද්‍රව්‍ය තොගයක් ප‍්‍රමිතියට අනුකූල නොමැති හෙයින් යළි පිටමං කිරීමට සැරසෙද්දී, ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ ඉහළ බලධාරියකු වෙත කාන්තාවක් ලවා අල්ස් මුදලක් ලබාදීමෙන් පසු එම අමුද්‍රව්‍ය තොගය මුදා හැරීම සඳහා නියෝග ලබාදී ඇතැයි ‘දිවයින’ට වාර්තා වේ.

මෙතෙක් සිමෙන්ති නිපදවීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමේදී බාල ප‍්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය ගෙන්වා ඇති හෙයින් ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්යාංශය විසින් ඒ පිළිබඳව ප‍්‍රථම වරට පරීක්ෂා කර තිබේ. එහිදී සනාථ වී ඇත්තේ අදාළ අමුද්‍රව්‍ය තොගය තත්ත්වයෙන් බාල බවට ඔප්පු වී ඇති බවය.

පසුව අදාළ සිමෙන්ති සමාගම විසින් අතරමැදි කාන්තාවක් යොදා ගනිමින් ප‍්‍රමිති කාර්යාංශයේ ඉහළ බලධාරියකු වෙත අල්ස් මුදලක් ලබාදීමෙන් පසු මෙම අමුද්‍රව්‍ය තොගය මුදා හරින ලෙස එම බලධාරියා විසින් සිය නිලධාරීන්ට නියෝග ලබාදී තිබේ. මේ පිළිබඳව අංශ ගණනාවකින් පැමිණිලි ලැබුණු පසු අමුද්‍රව්‍ය පිළිබඳව රේගුව මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මනෝජ් අබයදීර

No comments:

Post a Comment

Post Bottom Ad