භාෂණයේ නිදහස කියලා ඕන දෙයක් කරනකං අපි බලං ඉන්නෙ නෑ - අලි සබ්‍ - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 18, 2021

භාෂණයේ නිදහස කියලා ඕන දෙයක් කරනකං අපි බලං ඉන්නෙ නෑ - අලි සබ්‍

භාෂණයේ නිදහස ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින නමුත් එම නිදහසට මුවා වෙමින් ඕනෑම දෙයක් සිදු කරන තුරු බලා සිටීමට සූදානම් නොමැති බවත්, භාෂණයේ නිදහස වල්බූරු නිදහස් බවට පත්කර ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා. අද (18) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

රජයට එරෙහිව, රජයේ සංවර්ධන ව්‍යාපෘතිවලට එරෙහිව සංවිධානාත්මක පිරිස් විසින් සමාජ ජාලා මාධ්‍ය භාවිතා කරමින්, අන්තර්ජාලය භාවිතා කරමින් විවිධ අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බවත්, ඒ හරහා ජනතාව නොමග යැවීම සිදු කරන බවත් ඇමතිවරයා පවසනවා. මෙවැනි පුද්ගලයන් හඳුනා ගනිමින් ඔවුන්ගේ එම කටයුතු අඩපන කිරීම සඳහා අවශ්‍ය නීති සංශෝධන ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවද අලි සබ්‍රි මහතා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad