කොච්චර බදු සහන දුන්නත් බංකොලොත් වෙච්ච රටකට ආයෝජකයො එන්නෙ නෑ (Video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 18, 2021

කොච්චර බදු සහන දුන්නත් බංකොලොත් වෙච්ච රටකට ආයෝජකයො එන්නෙ නෑ (Video)

මේ වනවිට මෙරට ආර්ථිකය දැවැන්ත ලෙස කඩාවැටී ඇති බවත්, නුදුරු අනාගතයේදීම රටම බංකොලොත් වීමේ අවදානමක් මතුව ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. මෙම තත්වයට වත්මන් ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

එසේ තිබියදී කොපමණ බදු සහන ලබා දුන්නද බංකොලොත් රටක ආයෝජනය කිරීමට ජාත්‍යන්තර ආයෝජකයන් සූදානම් නොමැති බවද ඔහු පෙන්වා දෙනවා.

ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමට තරම් දේශපාලන ස්ථාවරත්වයක්, ආර්ථික ස්ථාවරත්වයක් මෙරට නොමැති බවත්, ඊට අමතරව උමතු පාලකයන්ගේ කටයුතු හේතුවෙන් ජාත්‍යන්තරය තුළ විශාල අපකීර්තියක් අත්පත් කරගෙන ඇති බවත් චම්පික රණවක මහතා පවසනවා.

No comments:

Post a Comment

Post Bottom Ad