වසන්ත සැණකෙළියෙන් ආණ්ඩුව ඇඟ බේරාගැනීමේ සූදානමක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 29, 2021

වසන්ත සැණකෙළියෙන් ආණ්ඩුව ඇඟ බේරාගැනීමේ සූදානමක් !

විශාල ලෙස ජනතාව ඒකරාශී කරමින් නුවරඑළියේ වසන්ත සැණකෙළි පැවැත්වීමට ආණ්ඩුව ක්‍රියාකිරීම පිළිබඳව මේ වන විට එල්ලවී තිබෙන බරපතළ චෝදනාවෙන් මිදීම සඳහා මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා අලුත් උපක්‍රමයක් සොයාගෙන තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 01වැනිදා මෙම වසන්ත සැණකෙළියේ සමාරම්භක උත්සවය පැවැත්විණි. මෙම සැණකෙළිය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අප්‍රේල් 30 වැනිදා දක්වා පවත්වන බව සමාරම්භක උත්සවයේදී ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර තිබිණි. දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් විවිධ තරඟ ඉසව්ද සහිතව මෙම වසන්ත සැණකෙළිය ආරම්භ කරනු ලැබීය.

එසේ තිබියදී, කොරෝනා තුන්වැනි රැල්ලේ බරපතළ තත්වය හමුවේ ආණ්ඩුවට දැඩි චෝදනා එල්ලවෙමින් තිබෙන පසුබිමක මෙම වසන්ත සැණකෙළිය ආණ්ඩුව අපහසුතාවයකට පත්කිරීම සඳහා සැළසුම් කරන ලද්දක් බව තහවුරු කිරීමට මේ වන විට විවිධ කරුණු ප්‍රචාරය කරමින් සිටී. ඒ අනුව නුවරඑළිය නගර සභාව එක්සත් ජාතික පක්ෂයේ පාලනය යටතේ තිබෙන බැවින් මෙම සැණකෙළිය පැවැත්වීම ආණ්ඩුව අපහසුතාවයකට පත්කිරීමේ සැළසුම්ගත ක්‍රියාවක් බව ප්‍රචාරය කරමින් සිටී.

-lankatruth

No comments:

Post a Comment

Post Bottom Ad